we thought of going with women’s motivation.

“Beauty depends and opinions can be different! Be you!”, what we are going to promote under the tagline
“Bloom how you want - කැමති විදිහට පිපෙන්න

VIDEO SCRIPT
චරිත: හෙදියක්, ආරක්ෂක නිළධාරිනියක්, සිවිල් ඉන්ජිනේරුවරියක්, ඇඟළුම් කම්හල් සේවිකාවක්

දර්ශන තල: නිදන කාමර හතරක්, රූපලාවන්‍යාගාරයක්
 Jingle

පළවෙනි දර්ශනය: (නිදන කාමරයක සිට) නිළ ඇඳුම හැඳි හෙදියක් හිසකෙස් සකසමින් කැඩපත ඉදිරියට පැමිණෙයි.ඇය ඇයගේ ප්‍රතිබිම්බය දෙස බලමින් හිසකෙස් සකසමින් හෙද හිස්වැස්ම පළඳියි. මෙහිදි කැඩපතින් පෙනෙන්නේ ඇය උත්සවයකට අඳින ආකාරයේ ගවුමක් ඇඳ කැරලි ගැසුණු හිසකෙස් සරසමින් සිටිනා ආකාරයයි.

දෙවෙනි දර්ශනය: (දෙවෙනි නිදන කාමරයේ සිට) ආරක්ෂක් නිළධාරිනියක් නිළ ඇඳුම සකසමින් කැඩපත ඉදිරියට පැමිණෙයි. ඇය ඇයගේ ප්‍රතිබිම්බය දෙස බලමින් හිසකෙස් සකසමින් හිස්වැස්ම පැළඳගනියි. මෙහිදි කැඩපතින් පෙනෙන්නේ ඇය විනෝද ගමනක් යන ආකාරයේ සැහැල්ලු ඇඳුමක් ඇඳ හිසකෙස් උඩට කර පෝනි ටේලයක් දමා සිටිනා ආකාරයයි.
තෙවෙනි දර්ශනය: (තෙවෙනි නිදන කාමරයේ සිට) නිළ ඇඳුම හැඳි කම්හල් සේවිකාවක් හිසකෙස් ගොතා දමමින් කැඩපත ඉදිරියේ ඇති අසුනකින් ඉඳගනියි. ඇය ඇයගේ ප්‍රතිබිම්බය දෙස බලමින් ගොතා දැමූ කොන්ඩය නවමින් උඩට කර බැඳ කම්හලේ හිස්වැස්ම පළඳියි. මෙහිදි කැඩපතින් පෙනෙන්නේ ඇය රූපලාවන්‍යාගාරයක කැඩපතක් ඉදිරියෙන් අසුන් ගෙන කොණ්ඩය වර්ණ ගන්වන ආකාරයයි.


සිව්වන දර්ශනය- සිවිල් ඉන්ජිනේරුවරියක් හිසකෙස් පීරමින් කැඩපත ඉදිරියේ ඇති අසුනකින් ඉඳගනියි. ඇය ඇයගේ ප්‍රතිබිම්බය දෙස බලමින් කොන්ඩය උඩට කර බැඳ කහ පැහැති හිස්වැස්ම පළඳියි. මෙහිදි කැඩපතින් පෙනෙන්නේ ඇය සාදයකට අඳින ආකාරයේ වර්ණවත් සාරියක් ඇඳ හිසකෙස් සරසමින් සිටිනා ආකාරයයි.

කාන්තාවන් සිව් දෙනාම නිළ ඇඳුමින් සැරසී ඉදිරියට පැමිණේ. ඉදිරියට පැමිණ නැවතුණ පසු මැද සිටින්නිය කැමරාව සිය අතින් ආවරණය කරයි. ආවරණය ඉවත් කළ පසු ඔවුන් සිටින්නේ කැඩපතින් දකින ප්‍රතිබිම්බ ලෙස සැරසීගෙනය.

Tagline: ඔබේ ජීවිතය ඔබට රිසි ලෙස විඳින්න.කැමති විදිහට පිපෙන්න
Link Kesha
Published:

Link Kesha

Published:

Creative Fields